දේශීය

රුසියාවේ ස්පුට්නික් V කොරෝනා එන්නතේ මාත්‍රා මිලියන 7ක් ලංකාවට

(UTV | කොළඹ) – විදේශයන්හී සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන නිරෝධායන ක්‍රියාවලියට අදාළ සංශෝදන කිහිපයක් කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කොවිඩ් මර්දන කාර්යය සාධක බළකාය වෙත දැනුම් දී ඇත.   

විදේශයන්ගෙන් පැමිණෙන අය නිරෝධායන වන දින ගණන අඩු කිරීම ඇතුලු සංශෝධන කිහිපයක් ඒ යටතේ සිදුකිරීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කරයි.

ඒ ඊයේ (16) දිනයේ එම කාර්යය සාධක බළකාය රැස්වූ අවස්ථාවේදීයි.

මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොරෝනා මර්දන එන්නත් මිලියන 7ක් ඇණවුම් කිරීමට බලාපොරොත්තු වන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම රැස්වීමේදී දැනුම් දී ඇත.

 

Related posts

අසීරු අවස්ථාවේ අත්හදාබැලීම් කර ජීවිතයම පෝලිම් යුගයකට ගෙන යනවාද ? නැත්ද?” ජනතාව තීරණය කළ යුතුයි – රනිල් වික්‍රමසිංහ

Editor O

මියන්මාර භූකම්පනයෙන් සිදුවූ මරණ ගණන 1,600 ඉක්මවයි

Editor O

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ පත්කරයි

Editor O

Leave a Comment