ක්‍රීඩා

ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ රිදී ජුබිලිය සමරයි [PHOTOS]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 25 ක් සම්පූර්ණ වෙයි.   

අර්ජුන රණතුංග ඇතුළු පිරිවර 1996 වසරේ මාර්තු මසදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව හැරවුම් ලක්ෂය බවට පත්වූ ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ 6 වැනි තරගාවලිය හෙවත් විල්ස් ලෝක කුසලාන ශ්‍රී ලංකාව අප දිනා ගත්තේ අද වැනි දිනකදීය.

ක්‍රිකට් උපන් එංගලන්තයට පවා ඒ වන විට ලෝක කුසලානයනක් දිනා ගත නොහැකි වුණු පසුබිමක අප අත්පත් කරගන්නා ලද ඒ සුවිශේෂී ජයග්‍රහණය මෙරටට මහ මෙරකි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පළමු වටයේ තරග සියල්ලම ජයග්‍රහණය කල අතර එහි දී කෙන්යාවට එරෙහිව අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවති තරගයේ දී කඩුලු 05 කට ළකුණු 398 ක් ලබාගනිමින් එවක එක්දින තරගයක දී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට සමත් විය.

එංගලන්තයට එරෙහිව පැවති අර්ධ අවසන් පූර්ව තරගය කඩුලු 5 කින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ බිමේ දීම පරාජයට පත්කළේය.

අරවින්ද ද සිල්වා එම තරගයේ වීරයා බවට පත්වූ අතර තරගාවලියේ වීරයා වූයේ සනත් ජයසූරියයි.

මෙතරම් කලක් ගත වුණද එදා අර්ජුන රණතුංග ප්‍රමුඛ සිංහ කැළ ලබාගත් ඒ සුවිශේෂී ජයග්‍රහණයේ වටිනාකමේ නම් තවමත් අඩුවක් වී නැත. එබැවින් එම වර්ෂය, මාසය සහ දිනය අප හදවත්වලින් කිසිදාක අමතක නොවනු ඇත.

 

Related posts

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය

Mohamed Dilsad

තුන්කොන් තරඟාවලියේ පළමු තරඟය අද

Mohamed Dilsad

මොනාකෝ හි පැවති 2017 ලෝරියස් ජාත්‍යන්තර ක්‍රීඩා සම්මාන උළෙලේ විශේෂ අවස්ථා

Mohamed Dilsad

Leave a Comment