ව්‍යාපාරික

එළවළු නරක්වීම හා පලතුරු ඉදීම ප්‍රමාද කරන්න නැනෝ විසඳුමක්

(UTV | කොළඹ) – මෙරටින් අපනයනය කරන හා මෙරට අලෙවි කෙරෙන එළවළු නරක්වීමත් පලතුරු ඉදීම ප්‍රමාද කිරීමත් සඳහා වන නව රසායන නිෂ්පාදනයක් වෙළෙඳපොළට හඳුන්වාදීමට නියමිත බව ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ වාණිජකරණ අංශ ප්‍රධානී රංගික ද සිල්වා පැවැසීය.

අවිධිමත් ප්‍රවාහනය හා ගබඩාකරණය හේතුවෙන් අපතේ යන එළවළු හා පලතුරු ප්‍රමාණය මෙයින් අඩු කරගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.

මෙම ක්‍රමවේදයේදී හඳුන්වාදෙන රසායන පැකට්ටුව මගින් පලතුරු, එළවළු ඉදීමට හේතුවන ඒවායේ ස්වභාවිකව නිපදවෙන එතලීන් උරාගෙන ඉදීමේ කාලය දින හතරකින් පමණ ප්‍රමාද කිරීමේ හැකියාව පවතී.

මෙම සැෂේ පැකට්ටුව පළමුව මෙරට සුපිරි වෙළෙඳසල් සඳහා හඳුන්වාදී මාස දෙකක් තුළදී ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා නැව්ගත කරනා එළවළු, පලතුරු සඳහාද නිකුත් කිරීමට නියමිතය.

 

 

Related posts

මෙරට ලොකු ලූනු වගාව කඩා වැටීමේ අවධානමක්

Mohamed Dilsad

හෙක්ටයාර් එක් ලක්ෂ දස දහසක් තුළ බඩ ඉරිඟු වගා කෙරේ

Mohamed Dilsad

බිත්තර මිල 40ත්- 45ත් දක්වා යළි ඉහළට. දැන් තේරෙනවද බිත්තරේකින් රු. 8.50ක් යන්නේ කාටද…?

Editor O

Leave a Comment