දේශීය

බන්ධනාගාරවල CCTV සවි කිරීමට තීරණයක්

(UTV | කොළඹ) – බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා CCTV පද්ධති සවි කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්, චන්දන ඒකනායක මහතා පැවසුවේ හඳුනාගත් විශේෂ බන්ධනාගාර සදහා CCTV පද්ධති කඩිනමින් සවි කිරීමට උපදෙස් ලැබී ඇති බවය.

ඒ අනුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින්  බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය, කොළඹ කාන්තා අංශය, මීගමුව, මහර සහ කළුතර බන්ධනාගාරවල නුදුරු දිනකදී CCTV පද්ධති සවි කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.

Related posts

රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන අවධිමත් ස්ථානමාරු ගැන සමගි ජනබලවේගය අවධානයෙන්

Editor O

“සජිත් කියන්නේ කොන්දක් නැති කෙනෙක්”

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුමේ කාලය දීර්ඝ වෙයි

Mohamed Dilsad

Leave a Comment