දේශීය

ජාතික පරිසර පනත සංශෝධනය කරයි

(UTV | කොළඹ) – වසර 20 කට අධික කාලයක් කිසිදු සංශෝධනයකට ලක් නොකරණ ලද ජාතික පරිසර පනත සංශෝධනය කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය සූදානම් වේ.   

ඒ අනුව ජාතික පරිසර පනත සංශෝධනයේ දී ඊට ශක්තිමත්ව නෛතික බලයක් ලැබෙන පරිදි අලු‍ත් වගන්ති 42 ක් ඇතුළත් කිරීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධව සාකච්ඡාවක් පසුගිය 16 වනදා පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රගතිය සමාලෝචනය සඳහාත් පැවැති මෙම සාකච්ඡාවේ දී ජාතික පරිසර පනත සංශෝධනය කිරීම පිළිබඳව අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් කරුණු විමසා ඇත.

දැනට ක්‍රියාත්මක ජාතික පරිසර පනත යටතේ පවතින බලතල පාරිසරික සුරක්ෂිතතාවය උදෙසා ප්‍රමාණවත් නොවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පෙන්වා දී තිබේ.

 

 

Related posts

අල්ලස් නඩුවෙන් ඇමති රෝහිත අබේගුණවර්ධන නිදහස්

Mohamed Dilsad

‘ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව’ ජනාධිපති ලේකම්, අධිකරණ අමාත්‍යංශ ලේකම් සැකකරුවන් කරන්නැයි ඉල්ලයි

Editor O

රාජකාරී වල සිටින පොලිස් නිලධාරීන් PCR පරීක්ෂාවට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment