දේශීය

පස්සර මාරක බස් අනතුරෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට – [PHOTOS]

(UTV | බදුල්ල) – බදුල්ල – පස්සර – 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරලී අද (20) සිදුවූ රිය අනතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි.  

ඒ අනුව අනතුරෙන් මේ වනවිට පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


(UTV | බදුල්ල) – බදුල්ල – පස්සර – 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරලී අද (20) සිදුවූ රිය අනතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි.  

ඒ අනුව අනතුරෙන් මේ වනවිට පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

තුවාල ලැබූ සංඛ්‍යාව ද 31 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

අද පෙරවරු 07.15 ට පමණ මෙම අනතුර සිදුවී තිබූ අතර, ලුණුගල සිට කොළඹ දක්වා පැමිණි මගී ප්‍රවාහන බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

බස් රථය තුළ සිරවී සිටින පිරිසක් ගලවා ගැනීමේ මෙහෙයුමක්ද ආරම්භ කළේය.

අනතුර සම්බන්ධයෙන් පස්සර පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

 

 

Related posts

බස්නාහිර පාසල් සඳහා මාර්ගෝපදේශ දෙසතියක් තුළ

Mohamed Dilsad

රවී කරුණානායක ඇතුළු 8 දෙනා ලබන 23 තෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

එක්සත් ජනපද නාවික හමුදා නෞකාවක් කොළඹ වරායට

Editor O

Leave a Comment