ක්‍රීඩා

ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර T20 තරගයක්

(UTV| කොළඹ) – ජාතික 20-20 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් ලබන අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය මණ්ඩලයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.    

මෙය එළඹෙන බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියට පෙර පැවැත්වීමට සූදානම් කර ඇති අතර, ප්‍රේක්ෂකයන් ආසන ප්‍රමාණයෙන් 50% කට අවස්ථාව ලබා දීමට ද සැලසුම් කර ඇත.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී මෙම තරඟය පැවැත්වීමට නියමිත අතර එයින් ලැබෙන ආදායම කොවිඩ් -19 සඳහා අරමුදල් රැස් කිරීමේ තරගයක් ලෙස පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ යෝජනාව වී ඇත්තේ.

ජාතික කණ්ඩායම දසුන් ශානක මෙහෙයවීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ටී එම් ඩිල්ෂාන් මෙහෙයවීමට නියමිත බව ද වාර්තා වෙයි.

මෙම තරඟය ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් කොදෙව් සංචාරය නිමවා මෙරටට පැමිණීමෙන් අනතුරුව සහ එළඹෙන සිංහල අලුත් අවුරුද්දට ප්‍රථමයෙන් මෙම තරඟාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Related posts

ක්‍රිකට් පුහුණූකරු ඔස්ට්‍රේලියාවේදි කළ වැරදි ගැන හෙළිදරව්වක් .

Mohamed Dilsad

අරවින්ද ද සිල්වා විශේෂ පොලිස් ඒකකයට

Mohamed Dilsad

ක්‍රිකට් ගැන ඇමති අර්ජුනගේ ප්‍රකාශයකට මන්ත්‍රී දයාසිරිගෙන් පිළිතුරු

Mohamed Dilsad

Leave a Comment