කලා

ක්‍රිතිටත් සුපිරි චිත්‍රපටයකට ඇරයුම්

(UTV | ඉන්දියාව) – බොලිවුඩ් සිනමා නිළි ක්‍රිති ෂැනොන්ටද මේ වනවිට සුපිරි චිත්‍රපටයක් සඳහා එක්වීමට ආරාධනා ලැබී ඇතැයි වාර්තා වෙයි. ඒ ඕම් රවුත් විසින් අධ්‍යක්ෂණය කරන ‘අධිපුරුෂ්’ චිත්‍රපටය සඳහාය.

මෙහි ක්‍රිති සමගින් ප්‍රධාන චරිත සඳහා එක්වන්නේ ප්‍රභාස් හා සායිෆ් අලී ඛාන් දෙදෙනාය.

ඉහළ නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කරන මෙම චිත්‍රපටය මේ වසරේ අගදී ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර තිබෙන බව වාර්තා වෙයි.

‘බාහුබලී’ චිත්‍රපට දෙක හා ඉන්පසුව තිරගත වූ ‘සහෝ’ චිත්‍රපටයෙන් පසුව ප්‍රභාස් සිනමා ප්‍රේක්ෂකයන් හමුවන්නේ මෙම චිත්‍රපටය හරහා වීම විශේෂත්වයකි.

 

Related posts

සුරූපී කොලිවුඩ් නිළි ට්‍රිශා ක්‍රිෂ්නාන් මිය ගිය බවට ප්‍රචාරයක්

Mohamed Dilsad

‘භාරත්’ චිත්‍රපටය සිව් දිනකින් කෝටි 100ක් උපයයි.

Mohamed Dilsad

ලෝක ප්‍රසිද්ධ ගායිකාවන් දෙදෙනෙක් එකම ප්‍රසංග වේදිකාවට

Mohamed Dilsad

Leave a Comment