Trending News

කසළ කළමනාකරණය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරීමට යෝජනා ඉල්ලයි

(උදයම්,කොළඹ)  – කසළ කළමනාකරණය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ඒ ඒ අමාත්‍යාංශ සහ පළාත් පාලන ආයතනවල යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබාදුන්නේ අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පළාත් පාලන කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය නිළධාරින් සමග පැවති සාකච්ඡාවකදී ය.

කසළ කළමනාකරණයේ දී පළාත් පාලන ආයතන මුහුණ දී ඇති ගැටලු සහ ඒ සඳහා ගෙන ඇති විසඳුම් මෙන්ම ඉදිරියේදී ගතයුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා විසින් දිවයිනේ සියලු පළාත් පාලන කොමසාරිස්වරුන් කැඳවා තිබුණි.

මෙහිදී පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් ඒ ඒ පළාත්වල කසළ කළමනාකරණය සඳහා ගෙන ඇති පියවර සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළහ.

කසළ කළමනාකරණය සඳහා ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලබාදිය යුතු විමර්ශන වාර්තාව කඩිනමින් ලබා දෙන ලෙස ද මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිතුමා පොලිතින් තහනම් කිරීම පිළිබඳ නව ගැසට් පත‍්‍රයක් කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ද උපදෙස් දුන්නේය.

පුත්තලම අරුවක්කලු කසළ බහලුමේ කටයුතු කඩිනම් කිරීමට ද උපදෙස් දුන් ජනාධිපතිතුමා එම යෝජනාවට අදාළ විමර්ශන සිදුකර කඩිනම් වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස ද දන්වා සිටියේය.

ශී‍්‍ර ලංකාවේ කසළ කඳු පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මේ වන විට සකස් කර තිබෙන අතර ඒ අනුව දිවයින පුරා කසළ බැහැරකරන ස්ථාන 200 ක් පමණ පවතින බව අනාවරණය කෙරිණි. ඉන් 25 ක්ම පිහිටා තිබෙන්නේ බස්නාහිර පළාතේ වන අතර එම කසළ කඳු 200 අතරින් ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇත්තේ කසළ කඳු 20 කට අදාළව පමණක් බව ද මෙහිදී සඳහන් කෙරිණි.

මීතොටමුල්ල, කසළ කන්ද පිළිබඳ වාර්තාව ද මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර දැනට එහි වහාම ඇතිවිය හැකි අනතුරුදායක තත්ත්වයක් නොමැති බවත්, ඉදිරි වැසි සමයට මුහුණදිය හැකි අන්දමින් එය සකස් කර තිබෙන බවත්, තාක්ෂණය මගින් කසළ කන්ද සම්පූර්ණයෙන් පාලනය කිරීමට පියවර ගෙන තිබෙන බවත් අනාවරණය කෙරිණි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද, අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශනය යාපා, වජිර අබේවර්ධන, සජිත් පේ‍්‍රමදාස, පාඨලී චම්පික රණවක, සාගල රත්නායක, ෆයිසර් මුස්තාෆා, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.එම්. මරික්කාර් යන මහත්වරුන් ද, යුද හමුදාපති, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් සහ සියලු පළාත් පාලන කොමසාරිස්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් මීට එක්ව සිටියහ.

Related posts

“Willing to work with President Sirisena,” says Wickremesinghe

Mohamed Dilsad

Kabir Hashim appointed new UNP Chairman, Akila Viraj Kariyawasam as General Secretary

Mohamed Dilsad

EBay files lawsuit against Amazon over ‘seller recruitment’

Mohamed Dilsad

Leave a Comment