දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9.00 සිට පැය 15 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව, කොළඹ 01, 03, 09, 14 සහ කඩුවෙල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.

එම කාලය තුළ කොළඹ 02, 07, 08 සහ 10 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළේ ය.

නල මාර්ගයක අලුත්වැඩියාවකින් ඊට හේතු වී ඇත.

Related posts

හිටපු ජනපති ගෝඨාභයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

Mohamed Dilsad

මුළු දිවයිනටම පනවා තිබූ නිරෝධායන ඇඳිරිනීතිය ඉවතට

Mohamed Dilsad

තෙවැනි එක්දින තරඟයෙන් ඉන්දියාවට අන්ත පරාජයක් සමගින් ශ්‍රී ලංකාවට තරඟාවලියේ ජයග්‍රහණය

Editor O

Leave a Comment