ව්‍යාපාරික

කොළඹ ආකේඩ් පරිශ්‍රයෙන් නව අංග රැසක් සමඟ ගුණාත්මක සේවයක්

(UTV| කොළඹ) – කොළඹ ආකේඩ් පරිශ්‍රය පෞද්ගලික පොදු සහයෝගිතාවය යටතේ වැඩිදියුණු කර නව අංග රැසක් හඳුන්වා දී එමඟින් ජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.   

වර්තමාන අග්‍රාමාත්‍ය එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය යටතේ එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිටියදී මෙම ආකේඩ් නිදහස් චතුරස්‍ර සංකීරණය ඉදිකරන ලදී. මෙය ප්‍රථම වතාවට බදු දීම සඳහා ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක් වන සොෆ්ට්ලොජික් සමාගම සහ නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය දා කුලී බදු ගිවිසුමකට අත්සන් තැබීය. පසුගිය යහපාලන රජය යටතේ මෙම ආකේඩ් පරිශ්‍රය නිසියාකාරව නඩත්තු කර තිබුණේ නැත.

බත්තරමුල්ල, සුහුරුපාය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී මෙම බදු ගිවිසුම අත්සන් තැබිණ. වසර 10 ක කාලයකට යටත්ව ක්‍රියාත්මක වන මෙම බදු ගිවිසුමට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර සහ සොෆ්ට්ලොජික් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, සොෆ්ට්ලොජික් සමාගමේ උප සභාපති හරේෂ් කයිමාර් යන මහත්වරුන් අත්සන් තැබිණ.

මෙහිදී අත්සන් තැබූ බදු ගිවිසුම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සහ සොෆ්ට්ලොජික් සමාගමේ සභාපති අශෝක් පතිරගේ යන මහත්වරුන් අතර හුවමාරු කෙරිණ.

අත්සන් කළ බදු ගිවිසුම වසර 10 ක කාලයකට බල පැවැත්වෙයි. ඒ අනුව ආකේඩ් පරිශ්‍රයේ අයිතිය හැර, එහි සියලු කටයුතු නිදහසේ කිරීමේ අයිතිය සොෆ්ට්ලොජික් සමාගමට හිමිවිණ.

වසර 10 ක කාලයක් තුළ සොෆ්ට්ලොජික් සමාගමට ආකේඩ් නිදහස් චතුරශ්‍රය ලබා දෙන්නේ ගිවිසුමකට යටත්වයි. එම ගිවිසුමට අදාළව සොෆ්ට්ලොජික් සමාගමට නිදහසේ ව්‍යාපාර කටයුතු මෙහෙයවීමට හැකියි.

 

Related posts

රුපියලේ අගය පහතට

Mohamed Dilsad

විදේශගතව රැකියා කරන්නන් ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක් මෙරටට එවලා

Editor O

රජයේ ගබඩා සඳහා වී ලබාදෙන ගොවීන් වෙත සහතික මිලට වැඩියෙන් රුපියල් 2ක් වී කිලෝවකට ගෙවනවා. – නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

Editor O

Leave a Comment