දේශීය

පංචිකාවත්තේ හටගත් ගින්නකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – කොළඹ, පංචිකාවත්ත, සංඝරාජ මාවතේ ආහාර අලෙවි සැලක අද (24) අලුයම හටගත් ගින්නකින් ආපනශාලාවේ සේවය කළ සේවකයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.   

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 45 ක පමණ අයෙක් වන බව ද පොලිසිය පවසයි.

එම ආපනශාලාවේ ගෑස් සිලින්ඩරයක් පිපිරීයාමෙන් ගින්න හටගෙන ඇති බව පොලිසිය සැක පළ කරයි.

අද අලුයම හටගෙන තිබූ ගින්න මේ වනවිට සම්පූර්ණයෙන් නිවා දමා තිබෙන අතර , ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීම් රථ 05 ක් යොදාගෙන තිබේ.

Related posts

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු නියැඳි පී.සී.ආර්. පරීක්ෂාවට

Mohamed Dilsad

මද්දකට හසුවූ තවත් කොටියෙක් මරුට

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය පිළිබඳ, නිලන්ත ජයවර්ධනට එරෙහි විනය පරීක්ෂණයක්

Editor O

Leave a Comment