දේශීය

ආනයනය කරන ලද පිළිකාකාරක පොල්තෙල් තොගය ගැන විමර්ශනයක්

(UTV | කොළඹ) – පිළිකා කාරක අඩංගු පොල්තෙල් තොගයක් මෙරටට ආනයන කර මේවනවිට එම පොල්තෙල් තොගය රේගුවෙන් නිදහස් කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් පවත්වන ලෙස වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාරිභෝගික අධිකාරිය වෙත උපදෙස් දී ඇත.

පිළිකා කාරක අඩංගු පොල්තෙල් තොගයක් මෙරටට ආනයන කර ඇති බව ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණ කළේ සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයයි.

මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ප්‍රර්ණකර සිටියා.

මේ දක්වා වෙළඳ අමාත්‍යංශයට මෙම කරුණ සම්බන්ධයෙන් කිසිඳු පැමිණිල්ලක් ලැබී නැතත් මෙම අනාවරණය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශණයක් පවත්වන ලෙස තමන් උපදෙස් දී ඇති බව අද පාර්ලිමේන්තුවේදී වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශකර සිටියේය.

Related posts

කසළ ප්‍රවාහනය කිරීමට චීනයෙන් දුම්රිය එන්ජින් [PHOTOS]

Mohamed Dilsad

බැඳුම්කර සිද්ධියේ රවී ඇතුළු 12 කට වරෙන්තු නිකුත් කිරීමට අදාළ තීරණය අද

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සමඟ තැපැල් සේවකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment