දේශීය

කොළඹ දී පැවැත්වුණු පාකිස්තාන ජාතික දින පිළිගැනීමේ උත්සවය [VIDEO]

(UTV | කොළඹ) – 81 වන පාකිස්තාන ජාතික දිනය නිමිත්තෙන් පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (2021.03.23) කොළඹ කිංස්බරි හෝටලයේදී පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කළේය.   

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ බුද්ධිමතුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාද් කටැක් මහතා, 1948 දී එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු ඩී.එස්. සේනානායක මහතාගේ පාකිස්තාන සංචාරයේදී පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සහෝදරත්වයක් සඳහා අඩිතාලම දැමූ බව ඔහුගේ පිළිගැනීමේ කතාවේදී පෙන්වා දුන්නේය. දෙරටේ ජනතාව අතර සම්බන්ධතාවය වසර දෙදහසකට වැඩි කාලයක් තිස්සේ පැවතුන බවත්, බුද්ධාගම සහ ඉස්ලාම් දහම විසින් උගන්වන ගෝලීය සාමය හා ප්‍රේමය මගින් මෙම සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් වන බවත් ඔහු සඳහන් කළේය.

කලාපයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “ප්‍රකෝපකාරී සිදුවීම් තිබියදීත්, පාකිස්තානය විචක්ෂණශීලී සහිත වගකිවයුතු රටක් ලෙස ක්‍රියා කර ඇති” බවයි. අර්ථාන්විත සංවාද හා සාකච්ඡාව තුළින් සියලු ද්විපාර්ශ්වික හා කලාපීය ගැටුම් සාමකාමීව විසඳීමට ගන්නා පියවරයන්ට පාකිස්තානය සහය දක්වන බවත් දකුණු ආසියාවේ සාමය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය ගැනද ඔහු ප්‍රශංසා කළේය.

පාකිස්තාන රජය සිය මහ කොමසාරිස් කාර්යාලය හරහා ශ්‍රී ලාංකික සිසුන්ට විවිධ ක්ෂේත්‍රවල ශිෂ්‍යත්ව 1000 ක් ලබා දීමට කටයුතු කරන බවද මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාද් කටැක් මහතා ප්‍රකාශ කළේය.පාකිස්තාන කොම්සාට් විශ්ව විද්‍යාලය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ලෝක මට්ටමේ උසස් තාක්‍ෂණ විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට උත්සාහ කරන බව ද ඔහු සඳහන් කළේය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ මහතා අවශ්‍ය සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම පිළිබඳව පාකිස්තාන රජයට සහ පාකිස්තාන ජනතාවට ස්තූතිය පුද කළේය. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සෑම විටම සමීප, සුහද හා අන්‍යෝන්‍ය සබඳතා පවත්වා ගෙන යන බවත් ඔහු සඳහන් කළේය.
එසේම මෙම අවස්ථාවේදී පාකිස්තාන ජාතික දිනයේ විශේෂ කේක් මහ කොමසාරිස් සහ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් කපන ලදී.

 

 

 

Related posts

අපනයන ඉපැයීම් ආදායම් මාස 06 ක් තුළ දිවයිනට..

Mohamed Dilsad

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ පත්කරයි

Mohamed Dilsad

දකුණේ වැඩිහිටි නිවාස සදහා වියළි ආහාර සති දෙකකට ගබඩා කරගන්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment