විදෙස්

ද්විත්ව විකෘති නව කොරෝනා ප්‍රභේදයක්

(UTV | ඉන්දියාව) – ඉන්දියාවෙන් ද්විත්ව විකෘති නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් හමු වී තිබේ.

අදාළ පරීක්ෂාව සඳහා ලබාගෙන ඇති මුළු සාම්පල ගණන 10787 කි.

ඉන්, 736 ක් බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු නව කොරෝනා ප්‍රභේදයට අයත් ය.

තවත් සාම්පල 34 කින්, දකුණු අප්‍රිකානු නව කොරෝනා ප්‍රභේදය හමු වී ඇත.

බ්‍රසීලයෙන් සොයාගත් නව කොරෝනා ප්‍රභේදය සහිත සාම්පලයක් ද ඊට ඇතුළත් ය.

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග එම පරීක්ෂණ සිදු කර තිබුණි.

ඉන්දීය රජය පවසන්නේ, නව ආසාදිතයින් වාර්තා වීම සහ ද්විත්ව විකෘති ප්‍රභේද වාර්තා වීම අතර කිසිදු සබඳතාවක් නොමැති බවයි.

Related posts

කැනඩාව ”ටික්-ටොක්” වලට වැට බඳී

Editor O

යුක්රේනයේ හෝටලයක ගින්නක් – පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

රුසියාවෙන් ලොවටම අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment