දේශීය

නාවලපිටියේදී දුම්රිය 2 ක් එකිනෙක ගැටී වෙන්න ගිය අනතුරක් නූලෙන් වළකී

(UTV| බදුල්ල) – මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණලා ගැටීමෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයේදි ඊයේ (24) රාත්‍රියේ සිදුවීමට ගිය අනතුරක් සම්බන්ධයෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ රාජකාරියේ සිටි සංඥාකරු තාවකාලික වැඩ තහනමකට ලක් කර ඇත.   

බදුල්ල සිට මහනුවර දක්වා භාණ්ඩ සහ මගී ප්‍රවාහනය කල දුම්රියක් ඊයේ දින රාත්‍රී 7.30 ට පමණ නාවලපිටිය දුම්රිය ස්ථානයේ පළවෙනි වේදිකාවේ නතර කර එම දුම්රියේ එන්ජිම ගලවා දුම්රිය ස්ථානයේ නතර කර තිබු තවත් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මැදිරි කිහිපයක් එම දුම්රියට එක් කිරිමට යාමේදි මහනුවර සිට නාවලපිටිය දක්වා රාත්‍රී 8.40 ට නාවලපිටිය දුම්රිය ස්ථානයට ලගා වු මගී ප්‍රවාහන දුම්රිය පළවෙනි වේදිකාවට ළගා වි ඇත.

පළවෙනි වේදිකාවේ මගී ප්‍රවාහන සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මැදිරි සහ පෙට්ටි කිහිපයක් නතර කර ඇති බව දුටු මහනුවර සිට නාවලපිටිය දක්වා ධාවනය වු 1185 දුම්රියේ ප්‍රධාන රියදුරු විසින් දැක ඇත.

වහා ක්‍රියාත්මක වු අංක 1185 දුම්රියේ ප්‍රධාන රියදුරු දුම්රිය නතර කර ගැනිමට දුම්රිය තිරිංග පන ගන්වා ඇති අතර, ධාවනය වෙමින් තිබු දුමිරිය එම වේදිකාවේම නතර කර තිබු මගී සහ භාණ්ඩ ප්‍රවාහන මැදිරි වලට මිටර් 50 පමණ ආසන්නට පැමිණ 1185 මගී ප්‍රවාහන දුම්රිය නතරවී ඇත.

මෙම සිදුවිම සිදු වු අවස්ථාවේ දුම්රියන් දෙකෙ හිම මගින් කිහිප දෙනෙකු සිටි බවයි දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා කියා සිටියේ.

දුම්රිය අනතුර වලක්වා ගත් අංක1185 දුම්රියේ රියදුරන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් පැවැත්විමට නාවලපිටිය දුම්රිය ස්ථානයට ප්‍රවාහන අධිකාරිවරයා පැමිණෙන තෙක් මධ්‍යම රාත්‍රී 12.30 දක්වා පලවෙනි වේදිකාවේම දුම්රිය නතර කර තැබිමට කටයුතු කර තිබුණා.

ප්‍රවාහන අධිකාරිවරයා පැමිණ දෙපාර්ශවය සමග සාකච්ඡා පැවැත්විමෙන් අනතුරුව අංක 1185 මගී ප්‍රවාහන දුම්රිය පලවෙනි වේදිකාවෙන් ඉවත් කිරිමට කටයුතු කර ඇත.

පැවති තත්ත්වය මත දුම්රිය ප්‍රමාදයක් සිදු වු බවත්, බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වු භාණ්ඩ සහ මගී ප්‍රවාහන දුම්රියේ සිටි මගින් වැන් රථයකින් මහනුවර දුම්රිය ස්ථානය දක්වා යැවිමට කටයුතු කල බවද නාවලපිටිය දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා සඳහන් කර සිටියේ.

අංක 1185 මගී ප්‍රවාහන දුම්රියේ රියදුරුකියා සිටියේ තමන් පළවෙනි වේදිකාවට දුම්රිය ඇතුලත් කිරිමට සංඥා ලැබි තිබු බවයි. ඒ අනුව දුම්රිය ධාවනය කරවන අවස්ථාවේ එම වේදිකාවේ දුම්රිය මැදිරි සහ භාණ්ඩ ප්‍රවාහන මැදිරි කිහිපයක් නතර කර ඇති බවට දුටු වහාම තම දුම්රිය නතර කිරිමට පියවර ගත් බවයි.

 

Related posts

වෙළෙඳපොලේ පොල් හිඟයක්

Mohamed Dilsad

අද දිනයේදී පැය 12ක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

Leave a Comment