ක්‍රීඩා

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ගිනි සිලුව ධාවනය ඇරඹෙයි

(UTV | ජපානය) – ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ගිනි සිලුව ධාවනය අදින් ආරම්භ විය.   

ජපානයේ ෆුකුෂිමා නගරයෙන් එය ආරම්භ කිරීමට නියමිතව ඇත.

දින 121 ක් පුරා ජපානයේ කලාප 47 පුරාම ගිනි සිලුව ධාවනය කෙරෙන අතර ඒ සඳහා ධාවකයන් 10, 000 කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ.

2011 වසරේදී ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරයේ සිදුවූ අනතුරෙන් විපතට පත්වූවන් අනුස්මරණයද අරමුණුකර ගනිමින් එම නගරයෙන් ගිනි සිලුව ධාවනය ආරම්භ කල බවයි ඔලිම්පික් තරග සංවිධායකයක් කියා සිටියේය.

 

Related posts

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වයට ඩිවිලියර්ස්

Mohamed Dilsad

ලෝක කුසලානයට කණ්ඩායමේ නායකත්වය ගැන මෙල්ගෙන් ඉඟියක්.

Mohamed Dilsad

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අවසන් කණ්ඩායම මෙන්න

Mohamed Dilsad

Leave a Comment