ව්‍යාපාරික

රුපියලේ වටිනාකම තවත් පහළ බසී

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද (26) නැවත වරක් 201 සීමාව ඉක්මවා පහළ ගියේය.   

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය අද (26) රුපියල් 201.60ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 196.72ක් ලෙසත් දැක්විණි.

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය 201 සීමාව ඉක්මවා පහළ ගියේ ඉකුත් (17) වැනිදා ය.

මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 19 වැනිදා දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 6.5කින් අවප්‍රමාණය වී ඇත.

 

Related posts

මැණික් කර්මාන්තකරුවන්ට විශ්‍රාම වැටුපක්

Mohamed Dilsad

කෘෂිකර්ම උපදේශකවරු ඇතුළු 346ක් කෘෂිකර්ම සේවයට එක්වෙති

Mohamed Dilsad

උත්සව සමයේ දී කුකුල් මස් කිලෝවක් රුපියල් 450 කට

Mohamed Dilsad

Leave a Comment