විදෙස්

නැගෙනහිර ලිබියාවේ හමුදා ප‍්‍රධානියා ඝාතනය වෙයි

(UTV |ලිබියාව) – ලිබියා ජාතික හමුදාවේ ප‍්‍රධානියා වූ මග්මුල් අල් වර්ෆාලි බෙන්ගාසි නුවර රෝහලක් අසලදී වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.     

මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඔහුගේ ආරක්ෂක භටයන් දෙදෙනකු ද සිටි බව වාර්තා වී තිබේ.

යුද අපරාධ රැසකට සම්බන්ධ වල්ෆාලි නැගෙනහිර ලිබියාවේ හමුදා නායකයා ලෙස ක්‍රියා කර ඇත. මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය ඔහුට එරෙහිව දෙවරක් වරෙන්තු නිකුත් කර තිබිණි.

පසුගිය සතියේ ඔහු බෙන්ගාසි නුවර මෝටර් රථ අලෙවි කරන වෙළඳසැලකට ද පහරදී විනාශ කිරීමේ සිද්ධියක් ද හෙළි විය. ලිබියානු ආරංචි මාර්ග පැවසුවේ ඔහුට එරෙහි ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායමක් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

 

Related posts

ඩෙබී ගෙන් පසු ඕස්ට්‍රේලියාවට තවත් සුළි කුණාටු අවධානමක්

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ ප්‍රභල භූ කම්පනයකින් 7 ක් මරුට [PHOTOS]

Mohamed Dilsad

ගවයන් අතර ලම්පි වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියක්

Mohamed Dilsad

Leave a Comment