දේශීය

සූවස් ඇලේ නැවක් සිරවීමෙන් ලංකාවටත් අනිවාර්යය බලපෑමක් – වරාය සභාපති

(UTV | කොළඹ) – ජාත්‍යන්තර නෞකා ගමන් මාර්ගයක් වන සූවස් ඇල හරහා විශාල නෞකාවක් සිරවීමෙන් මේ වනවිට පවතින අවහිරය හේතුවෙන් ශ්‍රී ලංකාටද අනිවාර්යය බලපෑමක් සිදුවන බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා පවසයි.   

මේ හේතුවෙන් යුරෝපය සහ උතුරු අප්‍රිකාව වෙත ශ්‍රී ලංකාව සිදුකරන ආනයන සහ අපනයන කටයුතු සඳහා වැඩි බලපෑමක් එල්ලවී ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

මෙම ගැටලුව හේතුවෙන් රටේ ආර්ථිකයට සිදුවන බලපැම පිළිබඳව නිෂ්චිතව තක්සේරු කරගැනීම සඳහා අදාළ ආයතන සමග ශ්‍රී ලංකා වරාය අධිකාරියද මේ දිනවල සාකච්චා කරමින් සිටින බව ද දයා රත්නායක මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා සඳහන් කරන්නේ , සූවස් ඇළෙහි විශාල නෞකාවක් සිරවීමත් සමග ලොව පුරා ඉන්ධන බෙදා හැරීම අඩාලවුවද ශ්‍රී ලංකාවට මෙතෙක් බලපෑමක් එල්ලවී නොමැති බවයි.

ඔහු අවධාරණය කලේ රට පුරා ඉන්ධන හිගයක් නොමැති අතර සති 02 කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත රට තුළ පවතින බවයි.

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත මීලග ඉන්ධන නෞකා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත බැවින් ඒවාට සූවස් ඇළ භාවිත කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවන බවද උදය ගම්මන්පිළ මහතා සඳහන් කළේය.

මේ අතර ලොව පුරා ඉන්ධන සැපයුම අඩාලවීමත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ තරමක් ඉහළ ගොස් ඇත.

 

Related posts

සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය තුන්වන දිනටත්

Mohamed Dilsad

බන්ධනාගාර රැඳවියන් බැලීමට අමුත්තන්ට අද සිට යළි අවසර

Mohamed Dilsad

හෙට විශේෂ බැංකු නිවාඩු දිනයක්

Mohamed Dilsad

Leave a Comment