ගොසිප්

ජනපති එද්දී කසිප්පු පෙරපු පිරිසක් පැන දුවයි

(UTV | කොළඹ) – 201 5ට කලින් පැවති රජයේ ආරක්ෂක සහ නාගරික සංවර්ධන ලේකම්වරයා ලෙස තමන් කටයුතු කරන්න දී නුගේගොඩ වැලි පාර්ක් පිට්ටනියේ ගොඩ ගසා තිබුනේ ගල්, පස්, වැලි ආදිය බව ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.   

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ සංවිධාන වල නියෝජිත හමුව එම ස්ථානයේ පැවති අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

තමන් මුලින්ම එම ස්ථානයට එන විට එහි කසිප්පු පෙරමින් තිබූ බවත් එහි පුද්ගලයන් දිව ගිය බවත් ජනාධිපතිවරයා පැවසීය.

එම ස්ථානය පසුව ගස්වැල් සිටුවමින් අලංකාර තත්ත්වයට පත්කළ බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

කොළඹ කෝට්ටේ ඇතුළු නගර හරිත නගර වලට පත් කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ධුර කාලයේදී බවද පැවසූ ජනාධිපතිවරයා, පසුගිය වසර පහක කාලය තුළ මේ ආකාරයේ කිසිදු ව්‍යාපෘතියක් නොකල බවත් එසේ නොකර සිටි අය දැන් පරිසරය බදාගෙන කෑගසන බවද කියා සිටියේය.

 

Related posts

පාර්ලිමේන්තුව සැසිය පටන් ගත්දා තේ බිල ජනපති ගෙවයි

Mohamed Dilsad

අද දිනන හැටි තිලාන් කියයි

Mohamed Dilsad

තමන් ලද ජයග්‍රහණය වෙනුවෙන් සමාජ මාධ්‍යන්ට ජනපතිගේ ප්‍රණාමය

Mohamed Dilsad

Leave a Comment