විදෙස්

බ්‍රිස්බේන් නගරයට දින 3 ක සංචරණ සීමා

(UTV | ඕස්ට්‍රේලියාව) – කොවිඩ් ආසාදිතයන් 07 දෙනෙකු වාර්තාවීමත් සමග ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයට දින 03 ක සංචරණ සීමා පණවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.   

මාසයකට පමණ පසු එරටින් කොවිඩ් සමාජ සම්ප්‍රේෂණයක් පිළිබඳ වාර්තාවන පළමු අවස්ථාව මෙයයි.

වෛද්‍යවරයෙකු මාර්ගයෙන් මෙම පැතිරීම ආරම්භ වන්නට ඇති බවට විශ්වාස පළ කරයි.

මේ අනුව ව්‍යායාම් කටයුතු , අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළදී ගැනීම් , රාජකාරි කටයුතු සහ සාත්තු සේවා සඳහා පමණක් නිවාසවලින් බැහැරට යාමට පමණක් බ්‍රිස්බේන් නගරවාසීන්ට අවසරය හිමිවනු ඇත.

 

Related posts

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යාව අතර විරසකයක්ද?(වීඩියෝ)

Mohamed Dilsad

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙක් ඉන්දියාවට

Mohamed Dilsad

ඉන්දියාව සහ පාකිස්තානය අතර යලි සාම සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment