දේශීය

ලබන මස පළවනදා සිට විශේෂ රථ වාහන සැලැස්මක්

(UTV | කොළඹ) – එළඹෙන උත්සව සමයේදී මාර්ග අනතුරු අවම කිරීමේ අරමු‍ණෙන් අප්‍රේල් 01 වනදා සිට විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීසිය පවසයි.  

විශේෂයෙන් දුර ගමන් සේවා බස්රථ සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

මේ අතර , විවිධ පුද්ගලයින් විසින් සංවිධානාත්මක ලෙස ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීම් පිළිබඳ වාර්තා වන බැවින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙයි.

 

Related posts

පාසල්වල 10 – 13 දක්වා පන්ති හෙට ඇරඹේ

Mohamed Dilsad

කොරෝනා වැළඳීමෙන් මියගිය විදෙස්ගත ලාංකිකයන්ට වන්දි

Mohamed Dilsad

අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් – කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment