දේශීය

නඩත්තු කටුයත්තක් හේතුවෙන් ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | ගම්පහ) – හේකිත්ත මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් හෙට (31) රාත්‍රී 10.00 සිට අප්‍රේල් 01 වැනිදා සවස 4.00 දක්වා ප්‍රදේශ කිහිපයකට පැය 18 ක් ජල සැපයුම අත්හිටවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.    

ඒ අනුව වනවාසල, ඔලියමුල්ල, වත්තල මීගමුව පාර, ඇවරියවත්ත පාර, තෙලගපාත, මීගහවත්ත, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදූව, මරදාන පාර, ඇලකන්ද යන ප්‍රදේශ සහ හැදල පාර කොටසක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

 

Related posts

විපක්ෂ නායකගේ අධ්‍යාපන සුදුසුකම් හෙට (18) පාර්ලිමේන්තුවට

Editor O

ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන්ට එරෙහි සංශෝධිත අධිචෝදනා ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

සජිත් පරදවන්න කුමන්ත්‍රණ රැසක් – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්

Editor O

Leave a Comment