විදෙස්

වෙඩි වැදීමෙන් 500 කට අධික ගණනක් මිය යද්දී මියන්මාර් හමුදා නායකයා සාද පවත්වයි

(UTV | මියන්මාරය) – මියන්මාර් හමුදා දිනයේදී විරෝධතාකරුවන් 100 කට අධික පිරිසකට වෙඩි තබා මරා දැමීමෙන් පසු හමුදා නායක ජනරාල් මින් අවුන් නයින්අප් සුපිරි සාදයක් පවත්වා ඇති බව එරට මාධ්‍ය පවසයි.    

මෙම සාදයට රුසියාව, චීනය, ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, වියට්නාමය, ලා ඕසය සහ තායිලන්තය යන රටවල තානාපතිවරු සහභාගි වී තිබේ.

මෙම සාදය පැවැත්වීමට පෙර හමුදා ආචාර පෙළපාලිය ඇමතූ මියන්මාර් නායකයා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා තමා කටයුතු කරන බවත් කලබලකාරි ක්‍රියාවලට එරෙහිව දැඩි පියවර ගන්නා බවටත් අනතුරු අඟවා ඇත.

මේ වන විට මියන්මාර මිලිටරි ජුන්ටාවේ වෙඩි පහරට ගොදුරුව මිය ගිය සංඛ්‍යාව 500 ඉක්මවා තිබේ.

කෙසේ නමුත්, අවුන්සාන් සුකී ඇතුළු දේශපාලන නායකයන් නිදහස් කරන ලෙසත්, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරන ලෙසත් ඉල්ලා රට පුරා විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකයි.

නිරායුධ විරෝධතාකරුවන් මියන්මාර හමුදාව විසින් නිර්දය ලෙස ඝාතනය කිරීම හෙළා දකිමින් ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් කියා සිටියේ තත්ත්වය ආපසු හැරවීමට නම් ජාත්‍යන්තර ප්‍රජාව අතර ඒ පිළිබද එකමුතුභාවයක් සහ කැපවීමක් තිබිය යුතු බවයි.

තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට රැස්වීමට නියමිතයි.

 

Related posts

බ්‍රිතාන්‍යයේ අනාගත රැජිනටත් කොවිඩ්-19

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු වැසියන්ට ෆේස්බුක් තහනමක්

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශකතනතුරට සිය බෑනා පත් කරගනී

Mohamed Dilsad

Leave a Comment