ක්‍රීඩා

ශ්‍රී ලංකාව ලකුණු 218ක් පසු පසින්

(UTV | බටහිර ඉන්දිිියාව) – ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇන්ටිගුවාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (30) තරගය නතර කරද්දී ශ්‍රී ලංකා පිළ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටියේය.  

කොදෙව් පිලේ මුල් ඉනිම ලකුණු 354 කට සීමා වූ අතර දෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් අතැතිව කොදෙව් පිලට වඩා ලකුණු 218 ක් පසු පසින් සිටියි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු තිරිමාන්න ළකුණු 55 ක් ලබා ගත් අතර දිනේෂ් චන්දිමාල් (34) සහ ධනංජය ද සිල්වා (23) නොදැවී පන්දුවට පහරදෙමින් සිටී.

 

 

Related posts

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ක්‍රීඩා ශිෂ්‍යත්වධාරින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

Mohamed Dilsad

ඉන්දියා – නෙදර්ලන්ත තරගය අද

Mohamed Dilsad

Leave a Comment