දේශීය

ස්විස්ටර්ලන්තයෙන් සහ ජර්මනියෙන් පිටුවහල් කළ 24 කටුනායකට

(UTV | කොළඹ) – ස්විස්ටර්ලන්තය සහ ජර්මනියේ නීති විරෝධී ලෙස රැඳී සිටියදී එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයෝ 24 දෙනෙක් විශේෂ ගුවන් යානයකින් එම රටවල ආගමන විගමන නිලධාරින් විසින් මෙරටට අද රැගෙන ආහ.  

එම රටවල ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් පසුගිය  2012 සහ 2013 යන වර්ෂ වල සිට මෙම පිරිස නීති විරෝධී ලෙස එම රටවල රැඳී සිටිය දී එරට ආරක්ෂක අංශ  අත් අඩංගුවට ගෙන එම රටවල අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ පිටුවහල් කර එවා තිබුණි .

ජර්මනියේ සිට 20 දෙනකුද , ස්විට්සර්ලන්තයේ සිට 04 දෙනකු ද මෙසේ පිටුවහල් කර එවා තිබුණි .

එම පිරිස අතර කාන්තාවක් ද සිටියාය .

මෙම පිරිස සමග ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ ආගමන විගමන නිලධාරීන් සහ එම රටවල ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් ද මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

 

Related posts

ගුරු වැඩ වර්ජනය අඛණ්ඩව දෙවන දිනටත්

Mohamed Dilsad

ලෙබනනයේ නීතිවිරෝධීව රැඳී සිටින ලාංකිකයින්ට පොදු සමා කාලයක්

Mohamed Dilsad

අදත් තැන තැන වැසි

Mohamed Dilsad

Leave a Comment