දේශීය

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ගන්න රජය ගිවිසුම් ගතවෙයි

(UTV | කොළඹ) – රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 70ක් මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගිවිසුම්ගත වී තිබේ.   

එහි සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක මහතා සඳහන් කළේ, එන්නත් මිලදී ගැනීමට අදාළ ගිවිසුමට ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සහ ස්පුට්නික් එන්නත නිපදවන රුසියාවේ ගැමීලියා ආයතනයේ නියෝජිතයන් ඊයේ (31) අත්සන් කළ බවය.

ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 70 ක් මිලදි ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගියදා හිමිවිය.

එම ගිවිසුම අනුව ස්පුට්නික් එන්නත් තොගයේ පළමු කොටස ලබන මස මැද මෙරටට ලැබීමට නියමිතව ඇත.

 

Related posts

ජේෂ්ඨ නීතීඥ ගෝමින් දයා ශ්‍රී අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

භූ කම්පන සිදුවූ ඇකිරිය ප්‍රදේශයේ ජනතාවට දැනුම්දීමක්

Mohamed Dilsad

නීති විරෝධී ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී නාවික සෙබලෙක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment