ව්‍යාපාරික

ශ්‍රී ලංකාවේ උසස් වර්ගයේ මැණික් හා ස්වර්ණාභරණ විදේශිකයින්ට මිලදී ගැනීමට අවශ්‍ය වෙළඳපළ ව්‍යාප්ත කරනවා

(UTV | කොළඹ) – විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවේ උසස් වර්ගයේ මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමට අවශ්‍ය වෙළඳපළ දේශීය වශයෙන් ව්‍යාප්ත කිරිම තුළින් මෙරට මැණික් හා ස්වර්ණාභරණ වෙලඳපළ මෙන්ම සංචාරක කර්මාන්තයද ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.   

ඊයේ (31) කොළඹ දී පැවති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සාමාජික හමුව අමතමින් අමාත්‍යවරයා සඳහන්කළේ ජාත්‍යන්තර වෙළඳපලේ ශ්‍රී ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි.

ඒ සමග ඇතිවී තිබෙන ව්‍යාජ මැණික් හා ස්වර්ණාභරණ වෙලඳපළ වෙනස් කොට ශ්‍රී ලංකාවට පැමිණ උසස් තත්වයේ ශ්‍රී ලාංකික මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමට විදේශිකයින්ට අවස්ථාව සැලසීම මෙමගින් අපේක්ෂා කෙරෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා –

මැණික් හා ස්වර්ණාභරණ කියන්නේ අපේ රටේ පැරණිතම අපනයන භාණ්ඩයයි. අපේ රට ඉංග්‍රීසීන්ට යටත් වෙලා තිබුණු කාලයේදී පවා අපේ මැණික් හා ස්වර්ණාභරණවලට හොඳ ඉල්ලුමක් තිබුණා. ඒ නිසා ලෝකය පුරා දේශීය මැණික් හා ස්වර්ණාභරණවලට හොඳ වෙළෙඳපොළක් තිබෙනවා. ඒ හොද වෙළෙඳ නාමය රැක ගැනීම අපේ වගකීමක්. මෙරටට පැමිණෙන සංචාරකයාට අවශ්‍ය පහසුකම් සැලසීම අපේ යුතුකමක්.

සංචාරක ආකර්ශනය දිනා ගන්න නම් අපි සංචාරකයින්ට පහසුකම් සපයන්න ඕනේ. ඒ වගේම සංචාරකයින් අපේ දේශීය නිෂ්පාදන මිලදී ගන්නා ආකාරයේ පෙළඹවීමක් ඇති කරන වැඩපිළිවෙළකුත් අපිට අවශ්‍යයි.

වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වියදම් කිරීමේ හැකියාව සහිත සංචාරකයින් පැමිණෙන්නේ ලක්ෂ 15ක පමණ පිරිසක්. ආසියාතික රටවලින් පැමිණෙන සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් හැරුණු කොට වියදම් කිරීමේ හැකියාවක් සහිත මෙම සංචාරකයින් පිරිස ඉලක්ක කර ගනිමින් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම මඟින් ඩොලර් මිලියන 500ක පමණ විදේශ ආදායමක් ලැබිය හැකි බවයි ක්ෂේත්‍ර යේ අය පවසන්නේ. මැණික් හා ස්වර්ණාභරණ සම්බන්ධයෙන් සංචාරක ආකර්ශනය ඇති වන ආකාරයේ වැඩපිළීවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව මම විශ්වාස කරනවා. ඒ සඳහා ඔබේ යෝජනා ඉදිරිපත් කරන්න කියල ඉල්ලා සිටිනවා.

 

Related posts

තේ වගාවට වියලි කාලගුණයෙන් දැඩි බලපෑම්

Mohamed Dilsad

ඉදිරි සති දෙක තුළදී වැලි සඳහා නිශ්චිත මිලක් [RELEASE]

Mohamed Dilsad

නිදහස් වෙළද කලාප සේවකයන්ගේ සුබ සාධන කටයුතු පුළුල් කෙරේ

Mohamed Dilsad

Leave a Comment