ක්‍රීඩා

ආසියානු බර ඉසිලීමේ ශුරතාවට ශී‍්‍ර ලංකාවෙන් සිව් දෙනෙක්

 

(UTV | කොළඹ) – එළඹෙන අප්‍රේල් මස 16 සිට 25 දක්වා උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් නගරයේදී ක‍්‍රියාත්මක කෙරෙන ආසියානු බර ඉසිලීමේ ශුරතා තරඟාවලියට සහභාගි කරවන ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සිව්දෙනකුගෙන් සැදුම් ලත් වන බව ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය නිවේදනය කරයි.  

එම කණ්ඩායමට ක‍්‍රීඩකයන් තිදෙනකු සහ එක් ක‍්‍රීඩිකාවක් ඇතුළත් වෙයි.

දිලංක ඉසුරු කුමාර, ඉන්දික චතුරංග දිසානායක සහ තිලංක විරාජ් පළඟසිංහ යන ක‍්‍රීඩකයන් මෙන්ම බී. චතුරිකා ප‍්‍රියන්ති යන ක‍්‍රීඩිකාව මෙවර තරගාවලියට නම් කර ඇත්තේ ජාතික සුපිරි සංචිතය ආශ‍්‍රිතව ප‍්‍රදර්ශනය කරන ලද දක්ෂතා හා හැකියාව පදනම් කරගනිමිනි. ඔවුන් ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වී අත්දැකීම් ලැබූවන් ද වෙති.

පසුගිය වර චීනයේ දී පවත්වන ලද ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ බර ඉසිලීමේ තරගාවලියේ දී කිලෝ ග‍්‍රෑම් 55 ට අඩු බර පංතිය යටතේ තරග වදිමින් රිදී පදක්කමක් දිනා ගන්නා ලද දිලංක ඉසුරු කුමාර මෙවර කණ්ඩායමට ඇතුළත්ව සිටීම කැපී පෙනේ. එහිදී ඔහු ජකැ්බ ්බා වැරන ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 135 ක් ඔසවමින් අදාළ පදක්කම දිනා ගැනීමට සමත් විය. ආසියානු බර ඉසිලීමේ ශූරතා ඉතිහාසයේ ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩකයකු එදා මෙදා තුර දිනා ගත් එකම පදක්කම ද මෙය වීම සුවිශේෂත්වයකි.

පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ රිදී පදක්කම් ලාභී ඉන්දික චතුරංග දිසානායක මෙවර කිලෝ ග‍්‍රෑම් 73 ට අඩු බර පන්තිය යටතේ තරග කරන අතර කිලෝ ග‍්‍රෑම් 61 ට අඩු බර පංතිය යටතේ තරග බිමට පිවිසීමට තිලංක විරාජ් පළඟසිංහ සූදානම්ව සිටී.

බී. චතුරිකා ප‍්‍රියන්ති මෙවර තරගාවලියට කිලෝග‍්‍රෑම් 81 ට අඩු බර පන්තිය යටතේ තරග කරන්නීය. ඒ එකම කාන්තා නියෝජනය සටහන් කරමිනි.

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීමේ අවසන් කඩඉම මෙම තරගාවලිය ආශ‍්‍රිතව සිදු කෙරේ. එබැවින් ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙතින් තම ඉහළම දක්ෂතා මෙවර තරගාවලියේදී ප‍්‍රදර්ශනය කරනු ඇති බවට විශ්වාස කළ හැකිය.

අන්තර් ජාතික බර ඉසිලීමේ සම්මේලනයේ මගපෙන්වීම අනුව ආසියානු බර ඉසිලීමේ සම්මේලනය විසින් මෙහෙයවන මෙම තරගාවලිය පසුගිය වසරේ අපේ‍්‍රල් මස උස්බෙකිස්තානයෙදී පැවැත් වීමට මුලින් තීරණය කර තිබුණි. එහෙත් කෝවිඞ් -19 ගෝලීය වසංගත හේතුවෙන් එය දින නියමයක් නොමැතිව කල් දමන්නට ආසියානු බර ඉසිලීමේ සම්මේලනයට සිදු විය.

 

Related posts

සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරුවෙකු රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

BPL තරගාවලිය ලබන වසරට කල් යයි

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාව සමග තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment