දේශීය

මහ සිකුරාදා දිනය අදයි

(UTV | කොළඹ) – මිනිස් සංහතිය වෙනුවෙන් දිවිපිදු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහිගන්වන මහ සිකුරාදා දිනය අදට (02) යෙදී තිබේ.    

ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් කිතුනුවන් අළු බදාදායින් ඇරඹුණු දින 40 ක් පුරා නිරාහාර ශීලය, දාන මාන, කිතු සමිදානන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරය යෙදීම ආදි ආගමික වත්පිළිවෙත්වල නිතර වේ.

දෙව් පුත් කිතු සමිදානන් මිනිසා පවින් මුදාගැනීම වෙනුවෙන් සිය දිවිපිදීම කිතුණු බැතිමතුන් සමරන්නේ දුක්ප්‍රාප්ති දේව මෙහෙයන්වලට එක් වෙමින්ය.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදිම අද දිනයේ දී සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට යෙදී තිබේ.

 

 

 

 

 

Related posts

පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර අද සාකච්ඡාවක්

Mohamed Dilsad

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් වෙබ් අඩවි කිහිපයක් බිඳ වැටේ

Mohamed Dilsad

දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment