දේශීය

සෞඛ්‍ය සංවර්ධන කටයුතු වලට ඉන්දීය රජයෙන් සහය

(UTV|කොළඹ) – රට තුල සෞඛ්‍ය සංවර්ධන කටයුතු ඉහළ නැංවීමට අදාළව නව ව්‍යාප්ති යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

මේ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී ඊයේ (01) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර සාකච්ඡාවක් පැවැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙරට සෞඛ්‍ය සංවර්ධන කටයුතු ඉහළ නැංවීමට ඉන්දීයානු රජයේ සහයෝගය ලබාදීම සඳහා පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැති ද්විපාර්ශවික සාකච්ඡාවලදී එකඟත්වයට පැමිණ ඇත.

ඉන්දීය රජය රත්නපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයක් පිහිටුවීමට සහ යාපනය ශික්ෂණ රෝහලේ මාතෘ වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු කරනු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

 

No description available.

Related posts

ඇමරිකාවේ ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින අපේක්ෂකයන්

Editor O

හැඳුනුම්පත්, පාස්පෝට් සහ රියදුරු බලපත්‍ර මුද්‍රණය දෙපාර්තමේන්තුවෙන්

Mohamed Dilsad

ඉන්දීය නළු රවි මොහාන් සහ ගායිකා කෙනිෂා ෆ්‍රැන්සිස්, විජිත හේරත් හමුවෙයි

Editor O

Leave a Comment