දේශීය

පාස්කු ඉරිදා ආරක්ෂාවට පොලිස් හා ත්‍රිවිධ හමුදා 12000 ක බලඇණියක්

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා දේව මෙහෙය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම දේවස්ථාන ආවරණය වන පරිදි  පොලිස් හා ත්‍රිවිධ හමුදා 12000 ක පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.    

මෙම පිරිසෙන් 9000 ට අධික පිරිසක්. පොලිස් නිලධාරීන් බවත් සෙසු පිරිස ,විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව,නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ භට පිරිස් බව ද   පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

පොලිස්පතිවරයාගේ විශේෂ චක්‍රලේඛයක් යටතේ මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

 

Related posts

සුපිරි අවන්හලේ සංවිධානය කළ ෆේස්බුක් සාදය

Mohamed Dilsad

ගුරු උපදේශක වෘත්තිය සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර පැතිරවූ කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment