විදෙස්

තායිවාන දුම්රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන් ඉහළට

(UTV | තායිවානය) – තායිවානයේ උමං මාර්ගයක් තුළ දුම්රියක් පීලිපැනීමට ලක්වී අද සිදුවූ අනතුරකින් මියගිය සංඛ්‍යාව 51 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.   

අනතුරෙන් පුද්ගලයින් 66 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

දුම්රියේ සංචාරකයන් ඇතුලු 494 දෙනෙකු පමණ සිට ඇති අතර මෙම දුම්රිය, උමං මගට පිවිසීමට පෙර, ඒ අසල නතර කර තිබූ නඩත්තු රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

වසර 73 කට පසු තායිවානයේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර මෙය වන අතර එරට ජනාධිපතිනිය අද අනතුර සිදුවූ ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමටද නියමිතයි.

 

Related posts

රයුගු උල්කාපාතයට ජපානයෙන් බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

පරාජයටපත් ජනපති ට්‍රම්ප් ජනතාව අමතයි

Mohamed Dilsad

චීන ජනාධිපතිවරයාට රිසිසේ බලයේ ඉන්න අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment