ක්‍රීඩා

ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන්

(UTV | බටහිර ඉන්දියාව) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණඩායම අතර පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය පරාජයෙන් තොරව මෙරට වේලාවෙන් අද( 03) අලුයම නිමාවට පත්විය.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ද ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමගයි.

ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගය ද පසුගියදා නිමා වුණේ ජය පරාජයෙන් තොරවයි.

දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 377ක ඉලක්කයක් හිමිව තිබූ අතර, තරගයේ අවසන් දිනය මෙරට වේලාවෙන් අද අලුයම නිමාවට පත් වුණේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම කඩුලු 2 කට ලකුණු 193 ක් ලෙස සටහන්ව තිබියදීයි.

වර්ෂාව හේතුවෙන් අවසන් දිනයට තරගය ආරම්භ වූයේ ද පැයක පමණ ප්‍රමාදයකින් පසුව වන අතර, තරගය ආරම්භ වීමෙන් පසුව ද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ශක්තිමත් කළ නායක දිමුත් කරුණාරත්න ලකුණු 75ක් රැස් කළ අතර, ළහිරු තිරිමාන්න ලකුණු 39යි.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 101ක්.

සිය තෙවැනි අර්ධ ශතකය වාර්තා කළ ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 66යි.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් සහ ක්යිල් මේයර්ස් එක් කඩුල්ල බැගින් බිද හෙළණු ලැබීය.

ඇන්ටිගාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩාමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 354ක්.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 258ක් පමණයි.

කොදෙව්වන් සිය දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 4ක් දැවී ලකුණු 280ක් ලබා සිටියදීයි.

තරගයේ වීරයා ලෙස ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, තරගාවලියේ වීරයා සුරංග ලක්මාල්.

 

Related posts

තවත් ක්‍රිකට් ලෝක වාර්තාවක්! ක්‍රිස් ගේල්ගේ වාර්තාව පසුකරයි

Mohamed Dilsad

බැඩ්මින්ටන් වැඩමුළුව 14 වනදා

Mohamed Dilsad

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අහිමි වූ පූජාණි

Mohamed Dilsad

Leave a Comment