දේශීය

අද සිට දින 10 ක් සූර්යයා ශ්‍රී ලංකාවට ඉහළින්

(UTV| කොළඹ) – අද (05) සිට ලබන 14 වනදා දක්වා ශ්‍රී ලංකාවට සූර්යයා මුදුන් වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.   

ඒ අනුව අද පස්වරු 12.13 ට තෙල්වත්ත – බද්දේගම – දෙදියවල – මුලටියන – අගුණකොළපැළැස්ස සහ උඩමළල යන ප්‍රදේශවලට සූර්යයා මුදුන්ව පවතිනු ඇත.

මීට අමතරව , සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

 

Related posts

නිරෝධායන ගැටළු නිරාකරණය කර ගැනීමට විශේෂ දුරකථන අංකයක් [VIDEO]

Mohamed Dilsad

අලුත් අවුරුදු සමයේ රට පුරා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment