දේශීය

“සිනොෆාම්”අද සිට මෙරට චීන ජාතිකයන්ට

(UTV | කොළඹ) – චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්ධන එන්නත මෙරට සිටින චීන ජාතිකයින් වෙනුවෙන් එන්නතකරණය කිරීම අදින් ආරම්භ වෙයි.   

කෙසේවෙතත් ශ්‍රී ලාංකිකයන්ට එන්නත් දීම විශේෂඥ කමිටුවක අධ්‍යයනයෙන් පසුව සිදු කෙරෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේය.

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් නමැති මෙම එන්නතේ මාත්‍රා ලක්ෂ 6 ක් පසුගිය 31 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.869 දරණ ගුවන් යානයෙන් මෙරටට ගෙන එනු ලැබීය.

මෙම එන්නත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත චීන ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් මෙරටට ප්‍රදානය කර තිබේ.

 

Related posts

සුදුසුකම් ලැබූ සියලු උපාධිධාරීන්ට පත්වීම් ලිපි තැපැල් කර අවසන්

Mohamed Dilsad

කැරොලයින්ට සහ චූලාට ඇප

Mohamed Dilsad

කැස්බෑව පොලීසියෙන් පහරදුන් බවට පුද්ගලයෙකුගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment