දේශීයව්‍යාපාරික

LG ස්මාර්ට්ෆෝන් වෙළෙඳපොළෙන් ඉවතට

(UTV |දකුණු කොරියාව) – දකුණු කොරියාවේ LG Electronics Inc, සිය පාඩු ලබන ස්මාර්ට් ජංගම දුරකතන ව්‍යාපාර අංශය වසා දැමීමට තීරණය කර තිබේ. සිය ස්මාර්ට් ජංගම දුරකතන ව්‍යාපාර අංශය සඳහා ගැනුම්කරුවකු සොයා ගැනීමට උත්සාහ කළද, එසේ නොහැකි වීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.   

මෙය වෙළෙඳපොළෙන් ඉවත් වන පළමු ප්‍රධාන පෙළේ ස්මාර්ට්ෆෝන් සන්නාමය වේ.

LG හි ස්මාර්ට්ෆෝන් අංශය වසර හයකට ආසන්න අලාභ වාර්තා කර ඇති අතර එය ඩොලර් බිලියන 4.5 ක් පමණ වනු ඇත. දැඩි තරඟකාරී අංශයෙන් ඉවත්වීම මඟින් electric vehicle components, connected devices සහ smart homes වැනි වර්ධන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීමට LG සමාගමට හැකි වනු ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

 

 

 

Related posts

අද දිනයේ තවත් ආසාදිතයින් 379 ක්

Mohamed Dilsad

කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ ගින්නක්

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පස්වෙනි සමාලෝචනයේදී ශ්‍රී ලංකාව ගැන අවධානය යොමුකරන කරුණු

Editor O

Leave a Comment