විදෙස්

ඊජිප්තුවේ පැරණි රජුන් හා රැජනන්ගේ මමී 22 ක් පෙරහැරකින් නව ස්ථානයකට

(UTV | ඊජිප්තුව) – පුරාණ ඊජිප්තුව පාලනය කළ රජවරුන් හා රැජිණියන් 22 දෙනකුගේ මෘත දේහයන් (මමීස්) ඉකුත් සෙනසුරාදා (03) ඒවා තැන්පත් කර තිබූ කයිරෝ අගනුවර පිහිටි කෞතුකාගාරයේ සිට කිලෝ මීටර් 05ක් දුරින් පිහිටි ස්ථානයක් වෙත වර්ණවත් වූ දැවැන්ත පෙරහැරකින් ප‍්‍රවාහනය කිරීමට ඊජිප්තු බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.   

ඊජිප්තුවේ ජාතික කෞතුක වස්තුන් සේ සැළකෙන මෙම රජවරුන්ගේ හා රැුජිණියන්ගේ මෘත දේහයන් මෙසේ නව ස්ථානයක තැන්පත් කිරීම සඳහා ප‍්‍රවාහනය කර ඇත්තේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ වන අතර මෙම දේහයන් ප‍්‍රවාහනය කිරීමේ පෙරහැර සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක් වැය කොට ඇති බව වාර්තා වී තිබේ.

  ‘ද පාරෝස් ගෝල්ඩන් පරෙඞ්’ ලෙස හඳුන්වා දී ඇති මෙම දැවැන්ත පෙරහැර හරහා පුරාණ ඊජිප්තුව පාලනය කළ රජවරුන් 18 දෙනකු හා රැුජිණියන් 04 දෙනකුගේ මෘත දේහයන් මෙසේ නව ස්ථානයක තැන්පත් කිරීම සඳහා ප‍්‍රවාහනය කර තිබේ. මෙම රජවරුන් හා රැුජිණියන්ගේ සංරක්ෂණය කර ඇති මෘත දේහ ප‍්‍රවාහනය කිරීමේ අවස්ථාව නැරඹීම සඳහා විශාල පිරිසක් මගදෙපස රැුස්ව සිටි බව වාර්තා වී තිබේ. මෙම සෑම දේහයක්ම සරසන ලද වාහනයක තැන්පත් කර මෝටර් රථ පෙරටු කරගෙන ප‍්‍රවාහනය කර ඇති අතර මෙම මෘත දේහයන් අතර තිබූ වැඩිම ආකර්ෂණයක් හිමි වූ දේහයන් වී ඇත්තේ වසර 67 ක කාලයක් පුරාණ ඊජිප්තුව පාලනය කළ ප‍්‍රථම සාම ගිවිසුම අත්සන් කළ ‘රැුම්සස්’ රජු හා ‘හැට්ශෙප්සු’ රැජිණගේ දේහයන්ය. පළමු කොරෝනා වසංගත  රැල්ලෙන් දැඩි ලෙස බැට කෑ ඊජිප්තුවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මෑතකදී අඩු වීම හේතුවෙන් එරට පනවා තිබූ කොරෝනා මර්දන සීමාවන් ලිහිල් කිරීමට බලධාරීන් විසින් පියවර ගැනීමත් සමගම මෙම පෙරහැර පැවැත්වීමට පියවර ගැනිණි.

 

Related posts

වසර ගණනක සිට ඉන්දුනීසියාවේ සුනාමි අනතුරු අඟවන පද්ධතිය අක්‍රියයි.

Mohamed Dilsad

විකිලීක්ස් නිර්මාතෘට එල්ලවන චෝදනා නැවත සලකා බලන්නැයි ඉල්ලීමක්.

Mohamed Dilsad

වසා දමා තිබූ අල් අක්සා දේවස්ථානය යළි විවෘත කරයි

Mohamed Dilsad

Leave a Comment