දේශීය

ප්‍රකාශයක් ලබාදීමට කැරොලයින් ජූරි පොලිසියට

(UTV | කොළඹ) – 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ අවසන් තරගයේදී ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ කිරුළු පැලඳු පුෂ්පිකාද සිල්වාට ජයග්‍රාහී කිරුළ පලඳා එය ඉවත්කරනු ලැබු කැරොලයින් ජූරි ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (06) පෙරවරුවේ කුරුඳුවත්ත පොලීසියට කැඳවා තිබුණි.  

ඒ අනුව ඇය අද දිනයේ දී ප්‍රකාශයක් ලබාදීමට පොලිසිය වෙත පැමිණෙනු ලැබුවාය.

කැරලොයින් ජූරි ගේ හැසිරීම සම්බන්ධයෙන් සිය සංවිධානයේ කනස්සල්ල පළකරන බව ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ සංවිධායකයින් පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, මෙරට සංවිධායකයින් විසින් ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් නීත්‍යානූකූලව විවාහක වී ඇති කාන්තාවක් ඉදිරිපත් කරන්නේ නම් තරඟාවලිය සඳහා ඇය පිළිගන්නා බවයි.

 

Related posts

සජින් වාස්ට ඇප මත මුදා හරින්නැයි නියෝග

Mohamed Dilsad

‘සැකයකින් තොරව මහ කන්නය අරඹන්න’ – ඇමති මහින්ද

Mohamed Dilsad

ජපානයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන් බඳවා ගැනීම අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment