දේශීය

දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් ප්‍රවාහනයෙන් ඉවත්වෙයි

(UTV| කොළඹ) – සියලුම දුම්රිය පාර්සල් ප්‍රවාහන කටයුතුවලින් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් වීමට කටයුතු කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි.

දුම්රිය ස්ථාන වල පවතින අධික සේවක හිඟය හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ලේකම්වරයා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී දුම්රිය පාලනාධිකාරිය සමඟ සාකච්ඡා කළත් ඉන් කිසිදු විසඳුමක් නොමැති වීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹි බවත් තම ගැටළුවට විසඳුම් ලබා ලබාදෙන තෙක් අඛණ්ඩව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය නිරත වන බවත් ජයසේකර මහතා කියයි.

මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 8000ක් පමණ පවතින බවත් දුම්රිය ධාවන කටයුතු සිදුවන ප්‍රවාහන උප දෙපාර්තමේන්තුවේ පමණක් සේවක පුරප්පාඩු 3500 ක් පවතින බවත් ඔහු සඳහන් කරයි.

No description available.

 

 

Related posts

සනත් නිශාන්ත ට එරෙහිව චෝදනා ගොනුකෙරේ

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

මහජන ආරක්‍ෂක ඇමැතිව අංගොඩ රෝහලට මාරු කරයි

Mohamed Dilsad

Leave a Comment