දේශීයව්‍යාපාරික

තහනම් කෙරූ පාම් ඔයිල් ගැන රජය ගත් නව තීරණය

(UTV | කොළඹ) – බේකරි සහ බිස්කට් කර්මාන්තශාලා සඳහා අවශ්‍ය පාම් ඔයිල් ආනයනය කිරීමට ඔවුන්ට විශේෂ බලපත්‍රයක් ලබාදීමට කටයුතු කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදෙස් ලබා දුන්නේ ෆාම් ඔයිල් ආනයනය සහ කටුපොල් වගාව තාවකාලිකව තහනම් කරන ලෙසයි.

කෙසේ වෙතත්, තම නිෂ්පාදන සඳහා වැඩි වශයෙන් ෆාම් ඔයිල් භාවිත කරන බැවින් මෙම තීරණය මගින් තමන් දැඩි අපහසුතාවයට පත්වන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේය.

 

 

Related posts

බස්නාහිර සහ හුදෙකලා ප්‍රදේශ හැර සෙසු පළාත්වල පාසල් හෙට විවෘතයි

Mohamed Dilsad

වරප්‍රසාද එපා කියූ, මාලිමාවේ 80ක් මාදිවෙල පදිංචියට එන්න සූදානමින්

Editor O

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දෙවැනි පදවි ප්‍රාප්තිය අදයි

Mohamed Dilsad

Leave a Comment