දේශීය

සමාන ප්‍රතිලාභ සහිත ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩ නඟන බව ජනපති කියයි

(UTV | කොළඹ) – රටේ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩ නඟන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.   

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව නිරෝගී ජාතියක් සහතික කිරීම රජයේ ප්‍රධාන පරමාර්ථය බවය.

ඊයේ (07) පස්වරුවේ මහනුවර වෛද්‍ය සංගමයේ 43 වන වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක දින ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දීර්ඝ කාලීන ගැටලු හඳුනාගනිමින් ඊට විසඳුම් සෙවීමට වෛද්‍යවරුන්ගෙන් සහ සෙසු සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගෙන් සමන්විත පුළුල් සෞඛ්‍ය ප්‍රජාව රජය සමඟ එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

ගම සමඟ පිළිසඳර වැඩසටහන සඳහා දිස්ත්‍රික්ක 17 ක ගම්මානවල කළ චාරිකාවල දී ග්‍රාමීය සහ වතු ප්‍රජාව මුහුණදෙන් විවිධ ගැටලු සෘජුව අත්දැකීමට හැකි වු බව පෙන්වාදුන් ජනාධිපතිවරයා සඳහන් කළේ, සෞඛ්‍ය පද්ධතියේ ජය ගත යුතු යම් යම් දුර්වලතා එහිදි හඳුනාගැනීමට හැකි වු බවය.

අඩුපාඩු දිගටම පැවතීමට ඉඩදුනහොත් බරපතළ අහිතකර ප්‍රතිවිපාක උද්ගත විය හැකි බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි පෙන්වා දී තිබේ.

 

 

Related posts

විපක්ෂ නායකවරයා සහ බිරිඳ රෝහලෙන් නික්මෙයි

Mohamed Dilsad

මහ ගංවතුරක් ගැන රතු නිවේදනයක්

Mohamed Dilsad

අද සිට සතියක් වැසුණු තවත් පාසලක්

Mohamed Dilsad

Leave a Comment