දේශීය

රන්ජන් වෙනුවට මාන්නප්පෙරුමගේ නම මැතිවරණ කොමිසමට

(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිර දඬුවම් විඳින රන්ජන් රාමනායකගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට අජිත් මාන්නපෙරුමගේ නම මැතිවරණ කොමිසමට ලැබී ඇති බව වාර්තා වෙයි.   

එහි සභාපති නිමල් පුංචිහේවා කියා සිටියේ එම නම අද ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යවන බවයි.

සිව් වසරක සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය හිස්ව ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 

Related posts

යාපනය සරසවිය ඉදිරිපිට නොසන්සුන්තාවයක්. පොලිස් ආරක්ෂාව යෙදවේ

Mohamed Dilsad

වැලිසර නාවික සෙබලුන් අදත් PCR පරීක්ෂණවලට

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

Leave a Comment