දේශීය

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි – ප්‍රදේශ කීපයකට තද අව්ව

(UTV| කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.   

ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමෙන්දී අප්‍රේල් මස 05 සිට 14 දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතියි.

ඒ අනුව අද දිනයේ දහවල් 12.12 ට කිරින්දගම, බකුනාවල, පාදෙණිය, ඵලගොමුව, යෝධගනාව, බලුකැකුළුකඩ සහ කුමනාරු යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇති.

 

Related posts

හිටපු ජනාධිපති ගෝඨා හෙට ලංකාවට

Mohamed Dilsad

ලාෆ් ගෑස් වල නව මිල මෙන්න

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු කොවිඩ් සේවා වලින් ඉවත් වෙයි[AUDIO]

Mohamed Dilsad

Leave a Comment