දේශීය

අංගොඩ ලොක්කා අපරාධවලට යොමුකළ “චීටි” මුල්ලේරියාවේදී අත්අඩංගුවට [PHOTOS]

(UTV| කොළඹ) – ඉන්දියාවේදී මියගිය පාතාල කල්ලි නායකයෙකු වූ අංගොඩ ලොක්කා අපරාධවලට යොමුකළ සංවිධානාත්මක අපරාධකරුවකු වන 44 හැවිරිදි සරත් කුමාර හෙවත් චීටි මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.   

සැකකරු භූගත බංකරයක සැගවී සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්ය බලකාය අද අලුයම එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මොහු වැලිගම ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 112 ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ 9 වන සැකකරු ද වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

 

 

 

Related posts

ලොරි රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටෙයි [PHOTOS]

Mohamed Dilsad

අධ්‍යයන කටයුතු ආරම්භය ගැන ජපුර සරසවියෙන් නිවේදනයක්

Mohamed Dilsad

මෙරට නිෂ්පාදිත සේලයින් දේශීය වෙළෙඳපොළට

Mohamed Dilsad

Leave a Comment