දේශීය

පොලීසියේ පිරිස් බලය වැඩි කිරීමට 10,000 ක් බදවා ගැනේ

(UTV | කොළඹ) – පොලීසියේ පිරිස් බලය වැඩි කිරීම සඳහා කාන්තා හා පිරිමි නිලධාරීන් 10,000 ක් බදවා ගැනීමට තීරණයකර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.  

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (08) රැස් විය. ඒ අවස්ථාවේ දී එතුමා මේ බව සඳහන් කළේය.

වත්මන් පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු උපදේශක කාරක සභාවේ ප්‍රථම රැස්වීම මෙයයි.

නීතිය හා සාමය තහවුරු කොට ප්‍රවර්ධනය සඳහා යෝජිත ක්‍රියාමාර්ග ගැන සඳහන් කළ ජනාධිපතිතුමා අවශ්‍යතාව අනුව රටේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන 196 ක් අලුතින් ස්ථාපනයට සැලසුම් කර ඇතැයි ද පැවසීය.

නීතිය හා සාමය තහවුරු කර ප්‍රවර්ධනය සඳහා එම ක්‍රියාමාර්ග ගන්නා බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

 

Related posts

විපක්ෂ නායක කාර්යාලය ජනතාව වෙනුවෙන්

Mohamed Dilsad

සංචාරක වීසා ගාස්තුවල වෙනසක්

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහතාට, හිටපු ජනපතිවරයෙකුට සපයන ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ ආරක්ෂාව සපයා තියෙනවා – පොලිස් මාධ්‍ය කොට්ඨාසය

Editor O

Leave a Comment