දේශීය

අලුත් අවුරුදු 5000 දීමනාව අද සිට

(UTV | කොළඹ) – අඩු ආදායම්ලාභීන් සඳහා රුපියල් 5000 ක දීමනාව ලබා දීම අද (12) සිට ආරම්භ වන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.   

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ප්‍රතිලාභීන් ලක්ෂ 30 කට ආසන්න සංඛ්‍යාවකට එම දීමනාව ලබා දීමට නියමිත බවය.

මේ අතර පන්දහසේ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් අදහස් පළකළ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා,

“මේ රටේ අඩු ආදයම් ලාබීන් වැඩිහිටි සහනාධාර ගන්න අය අතුළු විශාල පිරිසකට රුපියල් 5000 ලබා දෙන් ආණ්ඩුව කයුතුකරලා තියෙනවා. අපි මේ රටේ ජනතාවට පසුගිය අවුරුද්දෙත් කොවිඩ් රෝගය නිසා මේ වාගේම සහනයක් ලබාදුන්නා. මේ අවුරුද්දේත් ඒක ලාබාදෙන්නට රජය කටයුතු කරනවා. ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා සමෘද්ධි සංවර්ධන නිලධාරී තුමන්ලා සහ අනෙකුත් රජයේ නිලධාරීන් සමඟ එකතු වී. ඒ නිසා ආණ්ඩුව මේවගේ වැඩපිළිවෙළ ගෙනියනකොට ආණ්ඩුවට මඩ ගසන්නට තවත් පිරිසක් බලා සිටිනවා. අපි අපේ රටේ ජනතාවට කියනවා මේ ආණ්ඩුව මේ රටේ මිනිසුන්නට සේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරන්න ඒ අවශ්‍යකරන සියලුම දේ කරලා තියෙනවා. “

සමෘද්ධිලාභී පවුල්, අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගෙන ඇති පවුල්,

වැඩිහිටි දීමනාව ලැබෙන පුද්ගලයින් සිටින පවුල්, ආබාධිත දීමනාව ලබන පුද්ගලයින් සිටින පවුල්, වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් දීමනා ලබන පුද්ගලයින් සිටින පවුල්, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයින් සිටින පවුල් සහ ඉහත සඳහන් පවුල් කාණ්ඩ 06 යටතේ අභියාචනා ඉදිරිපත් කර ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූ පවුල් සඳහා එම දීමනාව ලබාදීමට නියමිතය.

 

 

Related posts

කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කෙරේ

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පැය 5ක ප්‍රකාශයක් ලබා දෙයි

Mohamed Dilsad

අන්තර් පළාත් බස් ධාවනය කල් යයි

Mohamed Dilsad

Leave a Comment