දේශීය

චීන ජාතිකයින් 2500 කට සිනොෆාම් එන්නත

(UTV | කොළඹ) – චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත මෙරට සිටින චීන ජාතිකයින් 2500 කට ලබාදී ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.   

කෙසේ වෙතත්, කොළඹ – චීන තානාපති කාර්යාලයේ ඉල්ලීමක් අනුව මෙරට සිටින චීන ජාතිකයන්ට ලබාදීම සඳහා ප්‍රදානයක් ලෙස ලැබුණු සිනොෆාම් එන්නත් ලක්ෂ 6න් ඉතිරි කොටස ශ්‍රී ලාංකිකයින්ට ලබාදීමට අනුමැතිය ලැබී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව ද ඒ මහතා පැවසීය.

 

Related posts

යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද සිට

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට බර වාහන රිය බලපත්‍රය නැහැ

Mohamed Dilsad

වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන්ට සඳුදා විදේශ ගමන් බලපත්‍ර

Mohamed Dilsad

Leave a Comment