ක්‍රීඩා

සංජු සැම්සන්ගේ IPL වාර්තා

(UTV | ඉන්දියාව) – මෙරව IPL ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සංජු සැම්සන් ඊයේ සමත්වුණා. ඒ, පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 63 කදී ලකුණු 119 ක් රැස් කරමින්. කෙසේවෙතත්, මෙම තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කළේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දි කඩුළු 06 ක් දැවී ලකුණු 221 ක් රැස්කළා. එම ඉලක්කය හඹාගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී කඩුළු 07 ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 217 ක් පමණයි.

මෙවර IPL තරගාවලියට එක්ව සිටින රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්‍ෂ ලෙස කුමාර් සංගක්කාර කටයුතු කරනවා.

Related posts

කාසියේ වාසිය බංග්ලාදේශයට

Mohamed Dilsad

මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රිකට් සංග්‍රාමය කල් යයි

Mohamed Dilsad

අළුබඳුන පළමු තරඟය ඔස්ට්‍රේලියාව ජයගත්තේ වැරදි විනිසුරු තීරණ 15ක් නිසා

Mohamed Dilsad

Leave a Comment